19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇති සාධනීය කරුණු දෙකක් 20 වැනි සංශෝධනයේ ද බලාත්මක කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
මල්වතු සහ අස්ගිරි නාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව අද (30) මහනුවරදි මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.
“19 ගෙනාවේ පෞද්ගලික දේශපාලන හේතු මතයි. හැබැයි මේ 19යේ තිබෙනවා යම් යම් සාධනීය ලක්ෂණ. උදාහරණයක් ලෙස ජනාධිපති ධූර කාලය සීමා කිරීම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වාර ගණන සීමා කිරීම වගේ දේවල්. මා දන්නා පරිදි ජනාධිපතිතුමාගේ අපේක්ෂාව තියෙන්නේ ඒ කරුණු දෙක තියාගන්න. “