ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වෙල්ලවීදිය පොලිසිය කියයි.
ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන මෙම පුද්ගලයා පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකු වන සැකකාරු නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත.
අදාළ පුද්ගලයා පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබුණේ ජනපති කොඩිය පැහැර ගත්තේ තමා බවත් එය සුළු මොහොතකින් ගිනි තබා විනාශ කරන බවත්ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්ව ප්‍රකාශ කළේ සිය ඡායාරූපය කිසිදු රාජ්‍ය ආයතනයක සවි නොකරන ලෙසත් ජනපති ධජය ඒ වෙනුවට භාවිත කරන ලෙසත්ය.