ජනපති අභයරාමයේ…! පැය ගණනක සාකච්ඡාවක්…!

January 26, 2022 at 8:04 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි පැය ගණනාවක් ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ඇත්තේ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බව ද දැනගන්නට ඇත.

ඒ අනුව අද පෙරවරුවේත්, ඊයේ රාත්‍රියේදීත් ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ආනන්ද හිමියන් සමග බොහෝ වේලාවක් ගතකර ඇති බව දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තම හඬට ඇහුන්කම් නොදෙන බවට පසුගිය සමයේ ආනන්ද හිමි දිගින් දිගට ම චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *