ජනපති වටේ ඉන්නේ අවස්ථාවාදී කේවට්ටයෝ….! වහා ම මල්ලි හරි මගට ගන්න…! – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිගෙන් ඉල්ලයි….

May 12, 2021 at 6:00 pm | by emanisa.lk

ජනාධිපතිවරයා වටා සිටින්නේ කේවට්ට, බොරුකාර, අවස්ථාවාදී උපදේශකයින් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඔවුන් ඉවත්කර තමන්ගේ මල්ලි වන ජනාධිපතිවරයා ළඟට ගෙන කළ යුතු දේ ගැන උපදෙස් දෙන ලෙස එහිමියෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එසේ නොකර මේ අභියෝගය ජයගත නොහැකි බව උන්වහන්සේ අවධාරණ කරති.

අද (12) නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවේදී එහිමියන් මේ බව පැවසූහ.

මේ වන විට මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ද නැත්නම් ව්‍යාපාරිකයින් ද යන ප්‍රශ්නයක් තමා තුළ පවතින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

තව දුරටත් පැලැස්තරවලින් කොවිඩ් පරාජය කළ නොහැකි අතර දැන් හෝ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *