ජනපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත සජිත් පිලට! සමගි බලේ තනතුරු තොගයක් හිමි වෙයි!

December 24, 2020 at 11:35 am | by emanisa.lk

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කළේ ය.

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු මෙන්ම වෘත්තියවේදී ව්‍යවසායකයෙකු ලෙසද ඔහු ප්‍රකට ය.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි.

ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඔහුගේ ආයතනය මගිනි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා ඇති හෙතෙම කීර්තිමත් බුද්ධිමතෙකි.

ඔහු සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස ද  වගකීම් පැවරේ.

එමෙන්ම සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස ද  ඔහුට වගකීම් පැවරේ.

sajith premadasa fb

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස