ජනපතිගේ පුංචි නිවස ළඟ උද්ඝෝෂණ කිරීම ගැන දුකයි…!

March 8, 2022 at 6:28 am | by emanisa.lk

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කනගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබිය දී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කී ඇමැති අලුත්ගමගේ, ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබිය දී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බව ද සඳහන් කළේය.

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බව ද ඔහු පැවසීය.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතා ම කනගාටුදායක තත්ත්වයක් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වු පසුව රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි වූ බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස