ජනතාව මට වැඩිම මනාප දුන්නේ කැබිනට් ඇමතිකමකට! රාජ්‍ය ඇමතිකම භාරගන්න ද කියලා ජනතාවගෙන් අහන්න ඕන! – විදුර

August 15, 2020 at 8:23 am | by emanisa.lk

ජාතික උරුමයන් ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නවාද නැද්ද පිළිබඳව තීරණයක් ගැනීම සඳහා හොරණ මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු බල මණ්ඩලය හෙට (16) විදුර වික්‍රමනායක මහතා විසින් කැඳවා තිබේ.

එහිදී බල මණ්ඩල නියෝජිතයින් දෙන තීන්දුවට තමා හිස නමන බව ද වික්‍රමනායක මහතා අවධාරණය කරයි.

තමාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය පිළිබඳව නොසතුටින් සිටින වික්‍රමනායක මහතා පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බවට පත් විය.

තමාට ජන්දය දුන් ජනතාව පෙරලා ඔවුනට සේවය කිරීම සඳහා තමාට කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූරය ලබා දෙතැයි යන විශ්වාසයක් එම ජනතාව තුළ තිබු බවද වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස