ජනතාවට පුළුවන් තරම් වගා කරන්න කීවේ ආණ්ඩුවමයි….! හන්තාන ආරක්ෂිතේ වගා කරන්න හැදුවේ ඒකයි…! වරද ආණ්ඩුවේ…!- කිරිඇල්ල…

March 23, 2021 at 5:35 pm | by emanisa.lk

සිය හන්තාන ඉඩම පරිසර සංවේදි ව්‍යපෘතියකට ලබාදිමට රජය සමග සාකච්ජා කිරිමට තමා සුදානම් යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.

විපක්‍ෂ නායක කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඔහු මෙසේ පැවසී ය.

“ජනාධිපතිතුමා එක්තරා රැස්විමකදි මගේ නම ගම්‍ය වන ආකාරයෙන් ප‍්‍රකාශයක් සිදු කෙරුවා. එනම් පසුගිය රජයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් හා පවුලේ සාමාජිකයෙක් හන්තාන ප‍්‍රදේශයේ එලි පෙහෙලි කිරිම සම්බන්ධයෙන් කවුරුවත් අඩන්නේ නෑ කියලා. මට කියන්න තියෙන්නේ කවුරුවත් අඩන්නේ නැත්තේ එතන පරිසර විනාශයක් සිදු වී නැති නිසා පරිසර විනාශයක් සිදු වුණා නම් මාධ්‍ය, පරිසර සංවිධාන මෙලහාකටත් එතනට පැමිණිලා. මම ආරාධනා කරනවා අතිගරු ජනාධිපතිතුමාට හන්තාන ඉඩමට පැමිණෙන්නට කියලා. එතකොට බලාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කිසිම වන විනාශයක් සිද්ධ වෙලා නෑ. ඒ වගේම මම අපේ මාධ්‍යවේදින්ටත් ආරාධනා කරනවා ඇවිත් බලන්න ඉඩමට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද එම ස්ථානයට ගියා නම් ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.

මේ ඉඩම අවුරුදු 100 පැරණි පුද්ගලික ඉඩමක්. අවුරුදු 30 ක් අපිට අයිතිය තිබෙනවා. අවුරුදු 70ක් සුදු මහත්වරුන්ට අයිතිය තිබිලා තියෙනවා. තේ, ගම්මිරිස් වවලා තියෙනවා. නමුත් පසුගිය වසර ගණනාවක් මේ ඉඩම පාළුවට ගිහින් තිබුණේ. අපේ දේශපාලන කටයුතු නිසා. අනිත් කාරණය තමයි මෙම ඉඩම අයිති කොටස හන්තාන ආරක්‍ෂිත ප‍්‍රදේශයක් කරලා තියෙන්නේ 2010 වසරේ දි. ඊට වසර 90 කට පෙර මෙම ඉඩම ගම්මිරිස්, තේ වගා කරපු ඉඩමක්. 80 ගණන්වල මමත් තේ වගා කරන්න කුඩා තේවතු අධිකාරියට ඉල්ලුම්පතක් පවා දැම්මා.

හන්තාන ආරක්‍ෂිත ප‍්‍රදේශයක් බවට පත් කෙරුවට අපිට ඉඩමේ අයිතය නැති වෙලා නෑ. කවුරු කවුරුත් ඒක තේරුම් ගන්න ඕනේ. එම ප‍්‍රදේශයන්හි යම්කිසි වගාවක් කරනවා නම් හන්තාන කමිටුවක් තියෙනවා දිසාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. අවසරය ඇතිව වගාකරන්න ඕනේ. අනිත් සිදුවිම තමයි මේ රජය බලයට පත්වුනාට පසු විශාල මුදල් ප‍්‍රශ්නයක් ආවා. ඉතිං රජය කිව්වා රටෙ ජනතාවට පුළුවන් තරම් වගාකරන්න කියලා. මම මගේ පවුලේ සාමාජිකයන්ට කිව්වා මේ හිස් ඉඩමේ වගාකරන්න බලන්න කියලා. ඒ අය ඉඩමට ඇතුළුවෙන්න මාන පඳුරු කිහිපයක් ඉවත් කිරිම තමා මේ ගැටළුවක් වුණේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *