හන්තාන රක්ෂිතයේ මගේ ඉඩමක් සුද්ද කළා…! පෞද්ගලික ඉඩම් සුද්ද කළාට කමක් නෑ…! – සජිත්ගේ සිංහරාජ පරිසර හමුවේ කිරිඇල්ලගේ දුව අල කරයි….

March 19, 2021 at 10:24 pm | by emanisa.lk

සිය පියාගෙන් තමන්ට ලැබුණු හන්තාන ඉඩම පිහිටා ඇත්තේ හන්තාන රක්ෂිතයෙහි බව ලක්ෂ්මන් කිරිඇල්ලගේ දුව චමින්ද්‍රාණි කිරිඇල්ල පිළිගත්තා ය.

ඒ අද (19) සමගි ජන බලවේගය කැඳවා තිබූ සිංහරාජය පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

එම ඉඩමේ මාන නොකැපූ බවත් ඉඩමට පිවිසීම සඳහා මාන එහා මෙහා කිරීම පමණක් සිදු වූ බවත් ඇය ප්‍රකාශ කළා ය.

හන්තාන පරිසර පද්ධතිය වනසන්නේ යැයි සමාජමාධ්‍යවල විශාල ප්‍රචාරයක් ගියේ මේ සිද්ධිය බවත් චමින්ද්‍රාණි කිරිඇල්ල ප්‍රකාශ කළා ය.

සිංහරාජ වන විනාශය ගැන කියන්නට කැඳ වූ මාධ්‍ය හමුවේ දී අනපේක්ෂිත ලෙස මාධ්‍යවේදියෙකු විසින් හන්තාන වන විනාශය ගැන විමසීම නිසා සිංහරාජය පිළිබඳ සාකච්ඡාව යටපත් විය.

හන්තාන එළිකිරීම පිළිබඳ චෝදනා එල්ල වූ විට එවක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ අඩි 3000ක් උඩින් තිබුණ ද ඉඩම තමන්ගේ බවත් එහෙයින් හන්තාන ඉඩම හෙළි කළ බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *