ජනතානට දවල් තරු පෙනෙයි..! මාස 14ට විදුලි ගාස්තුව 157කින් නග්ගලා..!

October 22, 2023 at 9:34 am | by emanisa.lk

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තුව 157%න් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව 2022 අගෝස්තු මස 10 වැනිදා මෙරට විදුලි ගාස්තුව සියයට 75%ක් ද 2023 වසරේ පෙබරවාරි 15වැනිදා සියයට 66.2%ක් ද ඉකුත් 20 වැනිදා සියයට 18%ක් ද ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීය.

මේ අතර ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා විදුලි ගාස්තුව 14.12%කින් පහළ දැමීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මාස දහහතරක් තුළ විදුලි ගාස්තු සියයට 157%කින් ඉහළ දමා ඇත.

විදුලි බල පනත අනුව වසරක දී විදුලි බිල සංශෝධනය කළ හැක්කේ දෙවරක් වුව ද තුන්වන වතාවටත් විදුලි ගාස්තු සංශෝධනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *