ඩීසල් මිල රු. 80කින් අඩු වුණා…! වහා විදුලි ගාස්තුව අඩු කරනු…! – PUCSL සභාපති ලංවීමට දැනුම් දෙයි…

March 31, 2023 at 7:12 pm | by emanisa.lk

ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුම්වත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

එම ලිපිය අද (31) පෙරවරුවේ විදුලිබල මණ්ඩලයට යොමු කළ බව ද හෙතෙම කීය.

ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් අඩු කිරීමට රජය පෙරේදා (29) කටයුතු කළ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ ගල්අඟුරු මිල පහත වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *