ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ සැලසුම බොරුවක්!

August 5, 2020 at 10:52 am | by emanisa.lk

උතුරේ සිටින හමුදාව ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ සැලසුමක් ඇති බවට හිටපු උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, ස්විස් තානාපති පීටර් ටොක් වෙත කර ඇති පැමිණිල්ල රජය එකහෙළාම ප‍්‍රතික්ෂේප කර ඇත.

“මෙය මුළුමනින්ම බොරුවක්. විග්නේෂ්වරන්ගේ පසුපස කළු ඇඳගත් කණ්ඩායම් එන බවටත් ඔහු සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කරනවා” යැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පැවසීය.

උතුරේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට ලත් තොරතුරු මත ආරක්ෂාව තර කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස