මැතිවරණ ජයග්රහණයට සහ පරාජයට බලපාන හේතු සොයා සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කර තිබූ දේශපාලන ක්රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ තීරණය කර ඇත.
ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමෙන් මෙම ඒකකයේ වගකීම නිසි පරිදි සිදු වී නොමැති බව පෙනී යාම නිසා වසා දැමීමට පක්ෂ නායකත්වය පියවර ගෙන තිබේ.
මෙම ඒකකයේ ප්රධානියා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ කටයුතු කළේය. සේවකයන් දස දෙනෙකු රාජකාරි කළ ඒකකයේ මාසික වියදම රුපියල් ලක්ෂ 5ක් පමණ වන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පක්ෂයේ ඉදිරි මැතිවරණ ජයග්රහණය කිරීම සඳහා ක්රමෝපාය සකස් කිරීමට විශේෂ කමිටුවක්ද පත්කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කරුණාසේන කොඩිතුවක්කු සහ සාගල රත්නායක එම කමිටුවේ ප්රධානීහු වෙති. නීතිඥවරු සහ වෘත්තීයවේදීහු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.