ඡන්ද තියල හොරු එළවන්න බෑ..! අරගලයෙන් දූෂිතයින් පැන්නිය යුතුයි..! රට ම අරගලයට එන්න ඕන..! -ෆීල්ඩ් මාර්ෂල්…

September 23, 2022 at 9:17 am | by emanisa.lk

ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයි ද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම ඕන යැයි කී සරත් ෆොන්සේකා, අනාගතයේ දී මුළු රට ම අරගලයට බැසිය යුතු යැයි ද අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයි ද සඳහන් කළේය.

රටේ මිනිස්සුන්ට කන්න නැත්නම් අයි.එම්.එෆ් එක තම්බ ගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා, බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයි ද නැත්නම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයි ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *