හොරා කෑ රාජපක්ෂලට දඬුවම් කරන වැඩේ ෆීල්ඩ් මාර්ෂල්ට පවරනවා..! – සජිත්…

April 28, 2022 at 3:48 pm | by emanisa.lk

මාස තිහක් ඇතුළත රාජපක්ෂ පවුල විසින් රටේ ජාතික ජාතික සම්පත්, ජාතික දේපළ, ජාතික ධනය හොරා කෑ නිසා අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දූෂණය හොරකම මැඩලීම වෙනුවෙන් ස්වාධීන බලවත් ආයතනයක් පිහිටුවන බවත්, එය කිසි ලෙසකින්වත් වෙනස් කළ නොහැකියි ස්ථිර ආයතනයක් ලෙස බලගන්වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වගකීම පැවරෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට බව පැවසූ හෙතෙම කුමන හේතුවකටවත් එය වෙනස් නොවන බව ද පැවසීය.

ජනතාවගේ මුදල් සොරා කෑ චූදිතයින් අධිකරණය අභියසට රැගෙන ගොස් දඬුවම් පැමිණවීමේ වගකීම්සහගත බලය, තිස් වසරක යුද්ධය නිමා කළ සරත් ෆොන්සේකාට පවරන බව සජිත් ප්‍රේමදාස කීය.

අන් කිසිවකු සමඟ සමග සමගි ජන බලවේගයට ඩීල් නැති බව පැවසූ හෙතෙම, තමන්ට ඩීල් ඇත්තේ මේ රටේ ලක්ෂ 220 ක ජනතාව සමඟ පමණක් බවද පැවසීය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (28) තෙවැනි දිනයට ගලිගමුවෙන් ආරම්භ කරන අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *