රනිල් එළවන සටන දියවෙයි…! අරගලකරුවොත් නෑ…! ෆොන්සේකත් නෑ..!

August 9, 2022 at 4:02 pm | by emanisa.lk

අද (09) අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පාර්ලිමේන්තුවට ගිය අතර වෙනත් කිසිදු ප්‍රධාන විරෝධතාවක් දක්නට නොලැබිණී.

ගාලු මුවදොර අරගල භූමියේ සුළු පිරිසක් රැඳී සිටිය ද එහි සරත් ෆොන්සේකා දැකගන්නට නොහැකි විය.

මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *