ඡන්දේ දෙනවා කියල ආයේ අපි රවට්ටන්න හදන්න එපා..! ඊළඟට ජවිපෙ ආණ්ඩුවක් නාවොත් අලුත් පරම්පරාව රට අතහැර පළා යනවා..!

February 16, 2022 at 8:00 pm | by emanisa.lk

මෙතෙක් කල් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන බව ජනතාව පැවසුව ද ඡන්ද ගණන් කරන විට ඡන්ද නොතිබුණු බව කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

වර්තමාන ආණ්ඩුව පරදා ජාතික ජන බලවේග ආණ්ඩුවක් ඉදිරියේ දී පිහිට වූයේ නැත්නම් මේ රටේ කිසිවක් ඉතිරි නොවන බව ද ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බල මණ්ඩල සමාජික ලාල්කාන්ත අවධාරණය කළේ ය.

ඊට පසු ඊළඟ පරම්පරාවේ සියලු දෙනා රට අතහැර විදෙස් රටවලට පළා යනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවූයේ ය.

කඩා වැටුණු රටවල ජනතාව රට අතහැර දේශසීමා හරහා පළා යන බවත් අපට සිදුවන්නේ මුහුදේ පැනීමට බවත් ලාල්කාන්ත සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *