ඡන්දේ තිබ්බොත් ගෑස් ඉන්ධන ඖෂධ හිඟයක්…! දවස් ගණන් ඇදෙන දිගු පෝලිම් ආයෙමත්…!

January 16, 2023 at 7:53 am | by emanisa.lk

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමෙන් පීඩාවට පත්වන්නේ රටේ ජනතාව බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එය දරා ගැනීමට ජනතාව සූදානම් නම් මැතිවරණයකට යාමේ කිසිදු ගැටලුවක් නැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහි වගකීම මැතිවරණයක් ඉල්ලා විරෝධතා කරන දේශපාලන පක්ෂ ද භාරගත යුතු බව පාලිත රංගෙබණ්ඩාර අවධාරණය කරයි.

යම් හෙයකින් නැවත කිරිපිටි, ගෑස්, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වූ පෝලීම් යුගයක් ආරම්භ වුවහොත් එහි වගකීම ද එම පක්ෂ දැරිය යුතු බව හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *