ඡන්දෙන් මිස කැරැල්ලෙන් ආණ්ඩු මාරුවට ඉඩදෙන්න බෑ…! – නාමල්…

September 25, 2022 at 5:45 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් මිස කැරලිවලින් මේ රටේ ආණ්ඩු මාරු විය යුතු යැයි තමා විශ්වාවස නොකරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

එසේ නොවී නම් මහින්ද සුළඟ රැලියේ දී මිලියනක ජනතාවක් ගාලු මුවදොරට ගෙන ආ අවස්ථාවේ රාජ්‍ය ආයතන වෙත කඩා වදින්නට තිබූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

රටේ පාර්ලිමේන්තුව කැරලිකරුවන් අතට පත් වුවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන බැවින් ජනාධිපතිවරයා එහි ආරක්ෂාව සඳහා අධි ආරක්ෂිත කළාප නම් කිරීම වැදගත් බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ඉතිහාසය පුරා කැරලි ගසා ආණ්ඩු බලය ඩැහැ ගන්නට උත්සාහ කළ පිරිස ද මෙවර ද ඒ සඳහා සූදානම් වුව ද ඒවා සාර්ථක නොවනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ අද (25) ජන හමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *