චෝදනා ඔප්පු වුණොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ….! නීතිය මෙන්න…!

April 9, 2021 at 6:45 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරඟාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජින කැරොලීන් ජූරිට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කරයි.

කැරලයින් ජූරි ඒ අවස්ථාවේ දී තමන්ට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාරකමක් මෙන්ම සොරාගැනීමක් සිදු කළ බව පෙනෙන්නට තිබෙන බව ද ඔහු පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ තැනැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බව ද ඔහු කීය.

එපමණක් නොව එම තරඟය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද කැරොලින් ජූරිට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාවේදී කැරලයින් ජූරි කළ කටයුත්ත කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පෙන්වා දෙන යූ.ආර්. ද සිල්වා ඈ මෙම කළ නින්දා සහගත ක්‍රියාව නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වී ඇතැයිද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස