චිනයේ සිට පැමිණෙන සියලූම සංචාරකයින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා තිබේ..
ඔවුන්ව නියමිත ආකාරයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රට තුලට ඇතුල්වීමට අවසර ලබා දෙන බවයි ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ සඳහා පහසුකම් සහිත වෙනම පිවිසුම් ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.
දකුණු ආසියාවේ කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ දියුණු පරීක්ෂණාගාර පහසුකම් ස්ථාපිත කර ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණි.