චීන එන්නත බංගලිදේශයට අඩු මිලට විකුණන කතාව බොරුවක්….!

May 29, 2021 at 9:07 pm | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාව ඩොලර් 15කට මිල දී ගන්නා අතර බංගලිදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10කට ලබා ගන්නා බවට පළ වන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මේ පිළිබඳ තමන් බංගලිදේශයේ චීන තානාපති කාර්යාලයෙන් මෙන් ම සිනොෆාම් සමාගමෙන් ද විමසා සිටි බව එහි සඳහන් වෙයි.

බංගලිදේශ විදේශ ඇමැතිවරයා පවසා ඇත්තේ එන්නත් මිල සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණි බවත් මෙම අසත්‍ය පුවත් එම සාකච්ඡාවලට බාධාවක් බවත් එහි වැඩි දුරටත් ප්‍රකාශ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *