චීන ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂක රථපෙළට විරෝධය පෑ පුද්ගලයා අත්අඩංගුවට…!

April 30, 2021 at 7:42 am | by emanisa.lk

චීන ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ රථපෙළට බාධා කරමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල ප්‍ර දේශයේ දී චීන ආරක්ෂක ලේකම්වරයාගේ රථපෙළට ඉඩ ලබා දීමට වාහන ධාවනය නතර කළ මොහොතේ ඊට විරෝධය පෑ මෙම පුද්ගලයා එය පටිගත කර සිරස, නිව්ස්හබ් සහ අසාන් අමීන් ටැග්කර ඒ සඳහා ප්‍රචාරයක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබිණි.

කෙසේ වුවද මෙම පුද්ගලයා ඒ අවස්ථාවේ වාහනයකින් නොපැමිණි බව අනාවරණය වී ඇති අතර අදාළ විරෝධතාව සංවිධානාත්මකව දියත් කිරීම සඳහා ම පැමිණ ඇතැයි වාර්තා වෙයි. පාර වසා ඇත්තේ ඇමැතිවරයෙකුට බව ප්‍රකාශ කරමින් ඔහු ජනතාව කුපිතව කිරීම සඳහා ද උත්සාහ කළේ ය.

ඕස්ට්‍රේලියාවේ වසර 10ක් පමණ පදිංචිව සිට නැවත ලංකාවට පැමිණි මොහු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *