චීන්නු කොවිඩ් පාලනය කළේ එන්නතින් නෙමේ, “ජිං ජාවෝ සං” කියන පරණ චීන බෙහෙතකින්….! අපට වැරදුණේ සාම්ප්‍රදායික වෙදකම නොතැකූ නිසයි…! – කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක

May 13, 2021 at 11:44 pm | by emanisa.lk

ලොව එන්නත් භාවිතයට පැමිණීමට පෙර චීනය සිය රටේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගත් බව කථිචාර්ය නෙම්සිරි ජයතිලක පවසයි.

එංගලන්තය පළමු එන්නත බොරිස් ජොන්සන් යනුවෙන් භාවිතයට ගන්නා විට චීනය සිය වසංගතය පාලනය කර අවසන් බව ඔහු සඳහන් කරයි.

ඒ සඳහා චීනය භාවිත කළේ ජිං ජාවෝ සං නම් පාරම්පරික බෙහෙත් වට්ටෝරුවක් බව හෙතෙම ප්‍රකාශ කරයි.

එම බෙහෙත කෙතරම් ජනප්‍රිය වී ද යත් යුවාන් බිලියන 30ක් (රු. බිලියන 800) එමගින් ආදායම් ලබා ඇතැයි ද නෙම්සිරි ජයතිලක කියයි.

චීනය පමණක් නොව තායිලන්තය, දකුණු කොරියාව ආදී රටවල් ද කොවිඩ් පාලනය කළේ සිය සාම්ප්‍රදායික බෙහෙත්වලින් බවත් අපත් අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිත කළේ නම් මෙරට කොවිඩ් තත්ත්වය මෙයට පෙර පාලනය කරගත හැකිව පැවැති බව හෙතෙම සඳහන් කරයි.

එන්නත් නිපදවීම ව්‍යාපාරයක් බවත් එවැනි අවස්ථා චීනය කිසි විටක මඟ නොහරින බවත් ඒ සඳහා චීනය ද අනතුරුව සම්බන්ධ වූ බවත් කථිකාචාර්ය ජයතිලක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස