චමින්ද විජේසිරි කවුද මට උපදෙස් දෙන්න..! පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මම එයා ගණන් ගන්නේ නෑ…! – සජිත්..

September 29, 2021 at 9:00 pm | by emanisa.lk

විපක්ෂයේ සිටින විට සෑම විට ම කටයුතු කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන් ද කටයුතු කරන්නේ ඒ සඳහා බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එහෙයින් එක එක්කෙනාගේ විවේචනවලින් තමන් නොසැලෙන බව හෙතෙම සඳහන් කරයි.

අනවශ්‍ය විවේචන පයට පෑගෙන දූවිල තරම්වත් ගණන් නොගන්නා බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.

විපක්ෂය කොවිඩ් මතින් බලයට පැමිණීමට සිතන්නේ නම් එය විහිළුවක් වනු ඇති බවටත් සජිත් ප්‍රේමදාස රට හදන සැලසුම ජනතාව ඉදිරියේ තැබිය යුතු බවටත් එම පක්ෂයේ චමින්ද විජේසිරි ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස අද (29) සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *