විපක්ෂයට අලි මන්තර විද්‍යාව වෙද්දි දේශීය ඖෂධ මිත්‍යාව වෙලා! – සිසිර ජයකොඩි

December 9, 2020 at 12:56 pm | by emanisa.lk

මේ රටේ සෞඛ්‍ය ඇමැතිතුමිය සහ සෞඛ්‍ය රාජ්‍ය ඇමතිතුමා එක්තරා පැණියක් පානය කර වෙළෙඳ ප්‍රදර්ශනයක් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කළේ ය.

එහි නම ධම්මික පැණිය බවත් එය පානය කිරීමට ජනතාව යාම නිසා විශාල මාර්ග තදබදයක් ඇති වූ බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ ධම්මික පැණිය යැයි කියමින් දේශීය ඖෂධය ගරහන චමින්ද විජේසිරි සිය නායක සජිත් ප්‍රේමදාස අලි මන්තර කියන විට අත්පුඩි ගසන බව ය.

අද විපක්ෂයට අලි එළවීම විද්‍යාව ද අපේ දේශීය ඖෂධ මිත්‍යාව ද බවට පත්ව ඇතැයි ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී මෙම විවාදය ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස