කොවිඩ් මලමිනී මතින් බලයට එන්න හදන්න එපා..! එහෙම රට්ටු හිනස්සන කඳවුරක අපි ඉන්නේ නෑ…! – සජිත්ට පක්ෂයෙන් අනතුරු ඇඟවීම්…

September 28, 2021 at 8:35 pm | by emanisa.lk

ආණ්ඩුවේ වැරදි සහ වැටීම විපක්ෂය සිය දේශපාලන ගමන කර ගැනීමට ගියහොත් එය විපක්ෂයේ වැටීම වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ආණ්ඩුවේ වැරදි පෙන්වමින් දේශපාලන ගමනක් යාමට උත්සාහ කිරීම ජනතාවට විහිළුවක් වනු ඇති බවත් රට ගොඩනඟන වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස නායකත්වය ගෙන සැකසිය යුතු බවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එසේ නොමැතිව මල මිනී, කොරෝනා සහ ආණ්ඩුවේ ජඩකම් හොරකම් මතින් නැවත බලයට පැමිණීමට උත්සාහ කරන්නේ නම් ඒ කඳවුරේ සිට ගැනීමට තමා සූදානම් නැති බව ද චමින්ද විජේසිරි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *