ආණ්ඩුව අභූත චෝදනා නඟමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කරන්න හදනවා! – සජිත්

December 6, 2020 at 9:24 am | by emanisa.lk

රජය විවේචනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලක් සලකා බලමින් විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේය. එම මන්ත්‍රීවරුන්ට එරෙහිව අභූත චෝදනා නගමින් නඩු පැවැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයාට පැමිණිලි කර ඇත.

එහි දී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මන්‍ත්‍රී කණ්ඩායම ආරක්ෂා කිරීමට කැපවන බවයි. නඩු පැවැරීමට කටයුතු කළහොත් නීතිඥවරුන් කණ්ඩායම යොදවා එම නඩු පරාජය කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු විවාදවලදී නලීන් බණ්ඩාර, මුබර්ජි රහුමාන්, රෝහිණි කවිරත්න, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් රජයට අභියෝගයක් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස