හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවිසැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිල දී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමනට ඇති වූ සිත් තැවුල සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේ දී ජයසුමනගෙන් අද ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
එම පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුණු තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් නමුත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූයේ යැයි විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස චන්න ජයසුමනට හෝ ඔහුගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බව ද නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
අදාල ප්‍රවෘත්තියේ සඳහන් වූ මෝටර් රථ සමාගම පැවැසූවේ තම ආයතනය සතුව තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවයි. එසේම තම ආයතනයෙන් චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ කිසි දිනක මෝටර් රථයක් මිල දී ගැනීමට පැමිණ නැති බව ද එම ආයතනය සඳහන් කළේය.