චන්ද්‍රිකාට ගොට්ට අල්ලලා අහුවෙන්න එපා..! – දයාසිරිගෙන් ශ්‍රිලනිප සංවිධායකයින්ට රතු එළි…

January 8, 2022 at 5:03 am | by emanisa.lk

123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම අදට (08) යෙදී ඇති අතර ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් සමරු උත්සවයක් පැවැත්වීමට නියමිතය.

මෙම ගුණ සමරු උත්සවයට සහභාග වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රීලනිප සංවිධායකයන්ගේ ගමන කඩාකප්පල් කිරීම සඳහා අද උදෑසන ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ. මෙි සඳහා සියලු පක්ෂ සංවිධායකයන් සහභාගි වීම අනිවාර්ය බව ශ්‍රීලනිප ලේකම්වරයා දැනුම් දී ඇති අතර පක්ෂ සංවිධායක ධූරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් බණ්ඩාරනායක ගුණ සමරුවට සහභාගි නොවී හෙට උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට වාර්තා කරන ලෙස ද දැනුම් දී තිබේ.

චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා යැයි ද ශ්‍රීලනිප ලේකම්වරයා පක්ෂ සංවිධායකයින්ට අනතුරු අඟවා තිබෙන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *