සජිත්ට සහාය දුන් ඔබ නැවත ශ්‍රිලනිපයට එකතු වීම අපට මහත් ගෞරවයක්..- දයාසිරිගෙන් චන්ද්‍රිකාට ලිපියක්…

April 22, 2021 at 12:51 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත එක් වන්නේ නම් එය ගෞරවයක් සේ සලකන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ඇයට දන්වා තිබේ.

හිටපු ජනාධිපතිනිය වෙත ලිපියක් යවමින් මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංගට පක්ෂය සමග ගැටලුවක් ඇත්නම් පක්ෂ සභාපතිවරයා හා නිලධාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් අවලංගු කරන්නැයි දන්වමින් හිටපු ජනාධිපතිනිය විසින් මහ ලේකම්වරයා වෙත යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලෙස ඔහු එසේ දන්වා ඇත.

හිටපු ජනාධිපතිනියට එම කාරක සභාවට ආරාධනා කර නැත්තේ ඇය පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂ තීරණයට විරුද්ධව යමින් සජිත් ප්‍රේමදාසට සහාය දීම නිසා බව ද මහ ලේකම්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *