චන්ද්‍රිකා හදිසියේම පසුබසී.. ශ්‍රීලනිප සන්ධානය අර්බුදයක…!

March 18, 2024 at 12:13 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව තිබේ.

ඒ නව සන්ධානයේ නායකත්වය ලබාගැනීමට කැමැත්ත පළ කර සිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමගය.

නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිහිපයක් පසුගිය දින කිහිපය තුළ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනිය සමග මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *