ගෝඨා ෆේල්…රනිල් ඊටත් වඩා ෆේල්….! නාගානන්දටයි සමන්තභද්‍ර හිමිටයි රට දෙන්න..! අවුරුදු තුනෙන් ලංකාව ස්විට්සර්ලන්තයක් කරයි…! – බ්‍රිතාන්‍ය Tory දේශපාලන උපදේශක…

June 30, 2022 at 11:46 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිසිදු දේශපාලන පළපුරුද්දක් නොමැති බවත් කොළඹ නගරය අලංකාර කළ පමණින් ගෝඨාභයට රටේ පරිපාලන කටයුතු කළ හැකි යැයි සිතීම වරදක් බවත් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ දේශපාලන උපදේශක, නීතිවේදී, ආචාර්ය අනුර කැප්පෙටිපොළ පවසයි.

නගර අලංකරණ සිතියම සහ අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් එය ඕනෑම අයකුට කළ හැකි බවයි, ඔහු අවධාරණය කළේ.

ගෝඨභය රාජපක්ෂ අසමත් අතර රනිල් වික්‍රමසිංහ ඊටත් වඩා අසාර්ථක නායකයෙක් බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය රට විනාශ කර ඇති බවත් මේ රට අවුරුදු තුනකින් ස්විට්සර්ලන්තය වැනි රටක් බවට පත් කළ හැකි නමුත් ඒ සඳහා නාගානන්ද කොඩිතුවක්කු, සමන්තභද්‍ර හිමි සහ ගාමිණී විජේසිංහ වැනි පිරිසකට රට භාරදිය යුතු බවත් අනුර කැප්පෙටිපොළ අවධාරණය කරයි.

යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *