ගෝඨා බදු අඩු කරද්දි සජබයි ජවිපෙයි විරුද්ධ වුණේ නෑ..! – නාමල්…

November 19, 2023 at 3:59 pm | by emanisa.lk

රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණ ද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණ ද ක්‍රියා කළ බවයි, ඔහු සඳහන් කළේ.

2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට බාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්ස වූයේ එදා යහපාලනයේ සිටි අද සජබෙ අය බව කී නාමල් රාජපක්ෂ, එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ද ඊට හවුල් බව සඳහන් කළේය.

2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේ දැයි සජබයෙන් ප්‍රශ්න කරන බව ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *