ගෝඨාභය ජනාධිපති කිරීම ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා..! – හිටපු හමුදාපති දයා රත්නායක…

February 10, 2024 at 4:39 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොරෙක් හෝ වංචාකාරයෙක් යැයි තමන් කිසිසේත් විශ්වස නොකරන බව සමගි ජන බලවේග ප්‍රතිපත්ති සම්පාදක කමිටු ප්‍රධානී, හිටපු යුද හමුදාපති මේජර් ජනරාල් දයා රත්නායක පවසයි.

ඔහු අතීත ක්‍රියාකාරකම් මගින් දක්ෂයෙකු බව ඔප්පු කොට තිබුණ ද ජනාධිපති ධූරයට පත් වූ පසු සිදු වූ අඩුපාඩු නිසා වරදක් වූ බවයි, හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

ඔහුට සහයෝගය ලබාදුන් පුද්ගලයෙකු ලෙස ඊට තමන් ද වගකිව යුතු බවත් ඒ පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් දයා රත්නායක සඳහන් කරයි.

මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්කොට පැත්තකට වී නොසිට පාර්ලිමේන්තුවට ද ගොස් වගකීම් දරමින් රට නිවැරදි මාවතට යොමුකරන බවයි, හිටපු යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

හිරු රූපවාහිනී නාළිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් මේජර් ජනරාල් දයා රත්නායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *