දයා රත්නායක ගෝඨාගේ දකුණු අත..! එයා සජබෙට ගත්තා නම් ගෝඨාත් ගන්න පුළුවන්..! – සරත් ෆොන්සේකා…

January 31, 2024 at 2:12 pm | by emanisa.lk

විශ්‍රාමික හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට ගත් ආකාරයට ම අවශ්‍ය නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා තම කණ්ඩායමට එක්කරගත හැකි බව සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (30) පැවති සජබ විරෝධතා පා ගමන අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මම ඊයේ දැක්කා අපිට හමුදාපති කෙනෙක් එකතු වෙලා තියෙනවා. මේවා මම කියන්න ලජ්ජා නැහැ මම ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා දැන් මේ කියන ටිකම කිව්වා.

මේ හමුදාපති තමයි 2010 මම නාවුක හමුදාවේ හිරකරලා තියෙන කොට මට විරුද්ධව චෝදනා පත්‍ර නගන්න අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කරපු එක්කෙනා. ඒ චෝදනා හැදුවේ මෙයා තමයි. හමුදාවේ නිලධාරී 25 දෙනෙකු මෙයාට ඉහළින් ඉද්දී මෙයාව උඩට ගෙනල්ලා හමුදාවේ දෙවෙනියා කළා. ඒ මට කරපු වැඩේ නිසා. එහෙම උඩට ගෙනත් තමයි එයාව හමුදාපති කෙරව්වේ.

එදා ඉඳලා ගෝඨාභයත් එක්ක වරායේ හිටියා, ලේකම්කම් කළා. අන්තිමට ගෝඨාභය ගෙදර ගියහම එනවා. මෙයා ගෝඨාභයගේ දකුණු අත. මෙයා ගත්තා නම් ඊළඟට ගෝඨාභයත් අපිට ගන්න පුළුවන්. මොකද මේ කියන විදිහට ගෝඨාභයත් රණවිරුවෙක්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *