මේ පාර දිනන්නේ සජබ..! ඒ නිසායි අපි එකතු වුණේ…! ඇමැතිකම් ගැන පස්සේ කතා කරමු…! – දයා රත්නායක….

February 2, 2024 at 5:32 pm | by emanisa.lk

රටේ ප්‍රධානම ප්‍රශ්නය ආර්ථිකය බව සමගි ජන බලවේග රාජ්‍ය ප්‍රතිපත්ති ජ්‍යේෂ්ඨ උපදේශක හිටපු හමුදාපති දයා රත්නායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ වරාය සභාපති ධූරය මෙන් ම කර්මාන්ත අමත්‍යංශ ලේකම් ධූරය ද හෙබ වූ දයා රත්නායක පසුගියදා සජබයට එකතු විය.

“මම මෙච්චර කල් පක්ෂයක කියලා හිටියේ නැහැ. නමුත් අපි සහයෝගය දුන්නා කණ්ඩායමකට. මේ සැරේ අපි හිතුවා සමගි ජන බලවේගය එක්ක එකතුවෙලා ගමනක් යන්න. අනිවාර්යෙන්ම ඒකට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකාශ කළා. තාම වැඩ කරන්න කතා කරගත්තේ නැහැ. අපි ඒවා කතා කරගෙන යනවා. දැනට වුණේ කැමැත්ත ප්‍රකාශ කිරීම පමණයි.

සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ එතුමාගේ අදහස. එතුමා අපේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. මගේ හිටපු හමුදාපතිවරයා. අපිට විනයක් තියෙනවනේ. ඒ විනය අනුව මම වැඩ කරනවා. මම වාදවලට යන්නේ නැහැ. එයාට මම ආපු ඒක ප්‍රශ්නයක් වුණාට මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ අසීරු අවස්ථා අපි ඕන තරම් ජයග්‍රහණය කරලා තියෙනවා.

එතුමාගේ මට්ටමින්නේ අනිත් අයත් මනින්නේ. මේ ප්‍රශ්න පක්ෂයේ නායකයෝ විසඳ ගනියි. අපි සාකච්ඡා කරමින් තමයි මෙතන වැඩ කරන්නේ. නායකතුමා දැනටමත් මට කතා කරලා ප්‍රකාශ කළා. ඒ තත්ත්වය එතුමාලා විසඳ ගන්නම් අපේ වැඩේ අපිට කරගෙන යන්න කියලා.

මේ වගේ අභියෝග තමයි අපේ රටේ තියෙන්නේ. ඒ ගැන හරි කනගාටුයි. නමුත් අපි මේවා වෙනස් කරන්නම ඕනේ. මේවට බවයවෙලා මේවට ලැජ්ජා වෙලා හිටපු කාලේ අපි හිතන්නේ. මම තනියම නෙමෙයි අපිත් එක්ක තව කණ්ඩායම ඉන්නවා. මේ වගේ ප්‍රශ්න අපි හිමිහිට කතා කරලා විසඳ ගන්නවා.

අපේ විශ්ලේෂණයන් අනුව ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම, ඉදිරියට ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තියෙන්නේ මේ සමගි ජන බලවේගයේ කට්ටියට. ඒ නිසයි එතනට සම්බන්ධ වෙන්නේ.
ඉස්සරහට බලාගන්න පුළුවන් හමුදාව පමණක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්, සංස්ථාපිත මණ්ඩලවල අය, ව්‍යාපරික ලෝකේ අය මෙතනට එන හැටි. අපේ විශ්වාසය වැඩියෙන්ම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයට සහ ඒ අයගේ කණ්ඩායමට.

අපි මෙතෙක් කල් තනතුරු බලාගෙන වැඩ කරලා නැහැනේ. දේශපාලන ලෝකයේ එහෙම දේවල් තිබ්බට අපි ඒ සංස්කෘතියෙන් ඔබ්බට ගිහිල්ලා වැඩ කරන්නේ. බලන්නකෝ මේ රට තියෙන තත්ත්වය. විනය පිරිහිලා උපරිම මට්ටමින්. රටේ ආර්ථික පිරිහිලා උපරිම මට්ටමින්. දේශපාලන කණ්ඩායම් පිරිහිලා උපරිම මට්ටමින්. අපේ දේශපාලන කණ්ඩායම් එකමුතු වුණේ නැහැ.

ප්‍රධානම දේ ආර්ථික ප්‍රශ්නය. නිසා ඒකට පැලැස්තර හරියන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව පිහිටෙව්වහම ඒවාට උත්තර කොටස් වශයෙන් යන්න ඕනේ. ජනතාවට තියෙන මහ බර අඩුකිරීම ම තමයි මොන රජයක් ආවත් පළමුවෙනිම දේ. ඇමතිකම් ගැන පස්සේ කතා කරමු”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *