ගොවියෙකුට ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙනු…! – රංජිත් මද්දුමබණ්ඩාර…

January 30, 2022 at 7:15 pm | by emanisa.lk

පොහොර අර්බුදය නිසා අසරණ වූ ගොවියෙකුට රු. ලක්ෂ 03කවත් වන්දි ගෙවිය යුතු බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ වී කිලෝ 6000ක් ලබා ගත් අයෙකුට මෙවර ලැබෙන්නේ වී කිලෝ 2000ක් පමණක් බය.

එම අඩු වන වී කිලෝ 2000 සඳහා කිලෝවකට රු. 75 බැගින් වන්දි ලබා දිය යුතු බවත් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කරයි.

සමගි ගොවි ජන බලවේගය විසින් සංවිධානය කළ උපවාසයක් අසලට ගොස් සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *