කාබනික වී කිලෝවක් සඳහා රු. 100ක සහතික මිලක්..! – කෘෂිකර්ම ඇමැති…

January 5, 2022 at 10:30 pm | by emanisa.lk

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *