පසුගිය සමයේ දිගින් දිගට ම පාඩු ලබමින් භාණ්ඩාගාරයට දැවැන්ත බරක් වූ ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුවු 2021 වසරේ දෙසැම්බර් මස ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක් ද ඩොලර් මිලියන 10.66ක සමූහ ලාභයක් ද ශ්‍රීලංකන් උපයා තිබේ.
2020 වසරේ මෙම කාලය සමග සසඳන විට එය 200%ක පමණ වර්ධනයක් වන අතර කොවිඩ් වසංගත තත්ත්වය ට පෙර කාලය හා සසඳන විට එය 80%ක පමණ වර්ධනයකි.