ගෙවිදු කුමාරතුංග සභාපතිත්වය දරන යුතුකම සංවිධානයට ද ආණ්ඩු පක්ෂ, පක්ෂ නායක රැස්වීමට මෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට ද සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස ආණ්ඩුව තුළ සිටින පක්ෂ 12 විකල්ප කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
යුතුකම සංවිධානය පොදුජන පෙරමුණේම සන්ධානගත පාර්ශ්වයක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ගෙවිදු කුමාරතුංග සහ අනුප පැස්කුවල් එම සංවිධානය නියෝජනය කරති.
පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දරන්නේ උදය ගම්මන්පිල අමාත්‍යවරයා පමණක් වුව ද ඔහු පක්ෂ නායකයකු ලෙස දැනටමත් පිළිගෙන තිබේ.