ඉංගිරිය ප්‍රදේශයේ නිවාස රැසක රන් ආභරණ සහ ජංගම දුරකථන හොරකම්කර එම මුදල් වියදම් කර පොසොන් පෝයදා දහවල් ඉංගිරිය ඌරගල ප්‍රදේශයේ නූඩ්ලස් දන්සලක් දුන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොසොන් පොහෝ දා රාත්‍රි පොසොන් බැති ගී ගැයීමට ගිය නිවැසියෙකුගේ නිවස බිඳ එම නිවසේ ද රන් භාණ්ඩ හොරා ගෙන ඇත.
ඉංගිරිය ඌරගල ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ දෙමාපියන් ඔහු අතහැරදමා ගොස් ඇති අතර සිය ආච්චි ළග ජිවත්වෙමින් ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාව කරමින් වසරක පමණ කාලයක සිට නිවාසවල රන් ආභරණ හා ජංම දුරකථන හොරකම් කර ඇතැයි හෙළිව ඇත.
මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවි ඇති සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද හෙරොයින් ග්‍රෑම් හයක් සන්තකයේ තිබු බව පොලිසිය කියයි. ඉංගිරිය හා අවට ප්‍රදේශවලින් හොරකම් කළ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් ආභරණ ඉංගිරිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ උකස් ආයතන පහකට උකස් කර සහ විකුණා තිබියදී පොලිසිය සොයාගන ඇත.