කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි කාන්තාවන් 13ක්ඇතුළු 42 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්න ද ඔවුන් එම අවවාද පිළිනොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම්, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, මංමාවත් පනත, සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.