ගුරුවරුන්ට උද්ඝෝෂණ කරන්න පුළුවන් අපට අපේ වැඩ ටික කරගන්න බැරි ඇයි…? ජනතාව PHIලාගෙන් අසති…..

July 27, 2021 at 7:42 pm | by emanisa.lk

කොරෝනා වෛරසය වෘත්තීය අයිතිවාසිකම් හඳුනන්නේ නැති බවට අරගල කරන කණ්ඩායම් තේරුම් ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම වර්ජන සහ උද්ඝෝෂණ කෙතරම් සාධාරණ වුවත් ඒ පිළිබඳ කොවිඩ් 19ට හෝ ඩෙල්ටා ප්‍රභේදයට අවබෝධයක් නොමැති බවත් මේ නිසා විශාල ජීවිත හානියක් සිදුවිය හැකි බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.

එසේ ම ගුරු සංගම් නගරවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ කිරීම ජනතාව කෙරෙහි වැරදි පූර්වාදර්ශයක් සපයා ඇතැයි ද ඔහු චෝදනා කරයි.

ගුරුවරුන්ට නගර සහ පාරවල් ඔස්සේ උද්ඝෝෂණ කළ හැකි නම් තමන්ට සාමාන්‍ය ජීවිතය පවත්වා ගෙන යාමට නිරෝධායන නීති බාධාවක් වන්නේ ඇයි දැයි ජනතාව විමසන බවත් ඒ පිළිබඳ ගුරු සංගම් සිය අවධානය යොමු කළ යුතු වත් උපුල් රෝහණ වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස