ආණ්ඩුවේ තොරණ බලියක් වෙලා…! දැන්වත් දැනුම් තේරුම් ඇති පිරිසකට වැඩේ භාරදෙන්න….! – ඇල්ලේ හිමි….

August 13, 2021 at 8:40 am | by emanisa.lk

ගුරු ධීවර ශිෂ්‍ය උද්ඝෝෂණ නතර වුව ද ප්‍රශ්න එලෙසම ඇති බවත් ඒවා විසඳීමට දැනුම් තේරුම් ඇති අයට භාරදිය යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටියහ.

ආණ්ඩුව විසින් නිර්මාණය කළ තොරණේ කතාව සහ චිත්‍ර නොගැළපෙන බවත්, ජනතාවට මේ කිසිවක් තේරුම් ගත නොහැකි වී සිටින බවත් එහිමියෝ පෙන්වා දුන්හ.

විපක්ෂය ආණ්ඩුව විවේචනය කිරීම සහ ආණ්ඩුව ඊට පිළිතුරු දීම හැර කිසිවක් සිදුනොවන බවත් ජනතාව අසරණ වී සිටින බවත් ඇල්ලේ හිමි සඳහන් කරයි.

අලි මදිවාට හරක් කියා තවත් ප්‍රශ්න ඇති කර ගැනීමට කටයුතු නොකරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *