ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමයි….!

August 6, 2021 at 4:03 pm | by emanisa.lk

උද්ඝෝෂණ ව්‍යාපාරය තාවකාලිකව නතර කර දැමීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ මෙම විරෝධතා පසුගිය සමයේ රට පුරා පැවැත්විණි.

කොවිඩ් ව්‍යාප්ත වීමෙහිලා මෙම විරෝධතා ව්‍යාපාරය දැඩි ලෙස බලපෑ බවට චෝදනා නැඟෙයි. ඒ සඳහා සමාජමාධ්‍යවල ද දැඩි විරෝධයක් දක්නට ලැබිණි.

කෙසේ වුව ද දින 25කට ආසන්න වැඩ වර්ජන ව්‍යාපාරය පිළිබඳ ගත් තීන්දුව පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *