ගුරු උද්ඝෝෂණේට සෙනග ඇද්ද හැටි මෙන්න….! – විපක්ෂයේ රහස් කතාව ලීක් වෙයි…

August 4, 2021 at 8:59 pm | by emanisa.lk

ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරය දේශපාලනීකරණය වී ඇති බවත් ඒ පිටුපස සිටින්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් බවත් ආණ්ඩු පක්ෂය පෙන්වා දෙයි.

අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එම පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අතර සිදුව අදහස් හුවමාරුවක දී මේ බව තහවුරු වී තිබේ.

එහි දී රංජිත් මද්දුමබණ්ඩාර විමසා ඇත්තේ ගුරු උද්ඝෝෂණය සඳහා තුෂාර ඉඳුනිල් කෙතරම් ගුරුවරුන් ප්‍රමාණයක් ගෙන ආවේ ද කියා ය.

මෙම කතාබහ ඒ අසල සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ඇසුණු බව සංජීව එදිරිමාන්න පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *