ගුරුවරුන්ට වෘත්තීය සමිති තහනම්….? – තීන්දුව ගන්න පාර්ලිමේන්තු කමිටුවක්…

April 1, 2023 at 10:54 am | by emanisa.lk

ගුරුවරුන්ට වෘත්තීය සමිති උවමනා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතු බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෘත්තීය සමිති ආඥා පනතින් මේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති සමග කටයුතු කිරීමේ අයිතිය තහවුරු කර ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

පිනට ලබාගත් ජනාධිපති ධූරය සහ මන්ත්‍රී ධූරය භාවිත කරමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඉඩ නොතබන බවත් සමස්ත ජනතාව සමග ඊට එරෙහිව නැඟී සිටින බවත් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

ගුරු ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *