ගුරුවරුන්ට දවසකට මග වියදමට රු. 1000වත් දෙන්න…! – ස්ටාලින්…

August 19, 2022 at 3:17 pm | by emanisa.lk

පාසලට පැමිණීම සඳහා දිනකට රුපියල් දහසකට අධික මුදලක් වැය කිරීමට සිදු වන ගුරුවරුන් වෙනුවෙන් හෝ යම් සහනදායී වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

නගරාශ්‍රිතව කෙසේ වුව ද පිටපළාත් පාසල්වලට පැමිණීමේ දී සිසුන්ට මෙන් ම ගුරුවරුන්ට ද බරපතළ අපහසුතාවන්ට ලක් වීමට සිදුව තිබෙන බවත් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් පමණක් විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත් කී හෙතෙම මේ සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද පැවසුවේය.

මෙම තත්ත්වයේ ඇති බරපතළකම අවබෝධ කර ගැනීමට නම් පිටපළාත්වලට පැමිණිය යුතු බවත් තමන් පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණ ඊයේ (18) කළ සොයා බැලීමේ දී පවතින තත්ත්වය හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම කීවේය.

තවද, ප්‍රවාහන අපහසුතා මෙන් ම ආර්ථික ගැටලු හේතුවෙන් ද පාසල් පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් ඇති බව ඒ මහතා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *