ගිනිගත් නැවේ බඩු වෙරළට ගොඩ ගසයි…! අවවාද නොතකා ජනතාව පොරකමින් බඩු රැගෙන යති…! අවදානම වළකන්න නාවික හමුදාව වෙරළට…!

May 26, 2021 at 3:39 pm | by emanisa.lk

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන ‍දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් වෙරළ තීරයට පැමිණෙමින් ඇති නිසා දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසයි.

නෞකාවෙන් වැටෙන කොටස් එම වෙරළ තීරයට පැමිණීමේ වැඩි අවදානමක් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.

ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන විවිධ කොටස් පිළිබද නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමග විශේෂ අවධානයකින් කටයුතු කරන අතර වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහිද නාවික හමුදාව ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

වෙරළ තීරයට පැමිණෙන ද්‍රව්‍යවල විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම්දීමක් ද කර තිබේ.

කෙසේ වුව ද සියලු අනතුරු ඇඟවීම් නොතකා ජනතාව මුහුදු වෙරළට ගොඩ ගසන ද්‍රව්‍ය රැගෙන යාමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *